ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක් - තිදෙනෙකු මරුට
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා නගරයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සිදුවීමෙන් බරපතල තත්ත්වයෙන් එක් අයෙක් රෝහලට ඇතුළත් කර ඇති බවද සඳහන් වේ. පොලීසිය මේ වනවිට මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
තවද, පිටස්තර පුද්ගලයින්ටමෙම ස්ථානයට ඇතුළු නොවීමටත් පොලීසිය විසින් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.