එකම දිනක කඩ 4ක් කැඩු හොරෙක් (CCTV දර්ශන)

By Wasantha Aug 18, 2021 10:46 AM GMT
Report

මාතර නගරයේ වෙළෙඳසැල් 4ක් එකම දිනයක දී පුද්ගලයෙකු විසින් කඩා එම වෙළෙඳසැල්වල තිබූ භාණ්ඩ සොරකම් කර ඇතැයි වාර්තා වේ. එම පුද්ගලයා විසින් මාතර, ධර්මපාල මාවතේ සහ තවත් ස්ථානවල පිහිටි වෙළෙඳසැල්වල වීදුරු කළු ගලක් භාවිතයෙන් කඩා දමා තිබේ.

අදාළ පුද්ගලයා ජංගම දුරකථන අලෙවි සැලකට අලුයම 2ට පමණ ඇතුළු වී එහි වු භාණ්ඩ සොරකම් කරන අයුරු CCTV කැමරාවක ද සනිටුහන්ව තිබුණි. සැකකරු සොයා මේ වන විට මාතර පොලීසිය විමර්ශන සිදුකරයි.