එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව [PHOTO]

Report

එයාර් ඉන්දියා ගුවන් යානා අනතුරින් මුළු ලොවම කම්පා කරමින් ඛේදනීය ඉරණමකට පවුල පිටින්ම මුහුණ දුන් වෛද්‍ය ජෝෂී පවුල තවත් කාලාන්තරයක් යනතුරු සැමගේ හදවතේ තියේවි.

ඒ අතර ඔවුන් ගැන ඇසෙන පුවත් දිනෙන් දින වැඩි වෙනවා.

රිළවුත් කන්ෆියුස් වෙයි...වදෙන් බේරෙන්න බැරිම තැන රිළවුන්ට අක්කර 425 ක් ...

රිළවුත් කන්ෆියුස් වෙයි...වදෙන් බේරෙන්න බැරිම තැන රිළවුන්ට අක්කර 425 ක් ...

එහෙම ඇසෙන තවත් හද කම්පා කරවන කතා අතරෙ ලංකාවේ ඔවුන්ගේ මඟ පෙන්වන්න ලෙස කටයුතු කරපු දුලාජ් තිලකරත්න කියන්නේ හරිම සංවේදී කතාවක්.

වෛද්‍ය ජෝෂී පවුල පසුගිය 2024 වසරේ ඔක්තෝබර් මස 20 ලංකාවේ සංචාරයකට පැමිණි විට නැවත පිටවෙන්න කළින් ආ‍යෙ කෙදිනක හෝ ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පොරොන්දු වූ බව ඔහු කියන්නේ ඔවුන්ගේ මතකය අවදි කරගෙන.

"නැවත ශ්‍රී ලංකාවට පැමිණි විට එකතුවී පරණ මතකයන් අලුත් කර ගනිමු "

තමන්ට හමුවුණු කරුණාවන්ත මිතුරෙක් සහ ඔහුගේ පවුල අහිමි වීමේ වේදනාවෙන් සිටින ඔහු දේව ප්‍රාතිහාර්‍යකින් හරි ජෝෂි පවුල ජීවිතය බේරා ගෙන ඇත් දැයි බලන්න මීට සුළු මොහොතකට පෙරත් දුරකථන ඇමතුමක් දුන් බව පවසනවා.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

''මේ දෙසැම්බර්වල එයාලා අයෙ ලංකාවට එන්න හිටියේ. එයාලා එක්කන් ගිය රථයට නගිද්දි මට එයාලා ඉන්නවා වගේ හැඟෙන්නේ. අනතුර ගැන දැනගත්තම මම ඒ දෙන්නටම ඇමතුම් දුන්නා. නමුත් කිසිම තොරතුරක් ලැබුන් නැහැ. පස්සෙ මම ෆේස්බුක් එකෙන් දැක්කා ඒ ඔක්කොම ගුවන් අනතුරින් නැති වෙලා කියලා. පස්සෙ තමයි මම දැන ගත්තෙ ඔවුන් ජීවතුන් අතර නැහැ කියලා. ''

තමන්ට හමුවුණෞ ඒ ආදරණිය පවුල කිසිම දවසක තමන්ට අමතක නොවන බව පැවසූ දුලාජ්ට එළඹෙන 17 වන දා ඔවුන් වෙනුවෙන් පාසලක සහ ළමා නිවාසයක දානමය පිංකමක් මිතුරන් සමඟ සූදානම් කර ඇති බවත් දැනගන්න ලැබුණා.

කෙසේ වුවත් මුළු ලොවම හඬවමින් ඔවුන් සමු ගෙන අවසන්. නමුත් ඔවුන්ගේ ආදරණිය මතකය සදා ජීවමානයි.

නාමල්, යෝෂිතට තද බර - අත්අඩංගුවට සූදානමක්..

නාමල්, යෝෂිතට තද බර - අත්අඩංගුවට සූදානමක්..

GalleryGalleryGalleryGalleryGalleryGallery