පන්දහසේ සහන මළු සොරකම් කරයි

hatton theft relief bags bagavanthalava shnath bandhara bridwell
By Sewvandhi May 28, 2021 01:40 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමුවිම නිසා හුදකලා කර ඇති බගවන්තලාව ප්‍රදේශයේ ජනතාවට බෙදා හැරිමට ගබඩා කර තිබු රු පන්දහසේ සහනාදාර මළු සොරකම් කල සැකකරුවන් 06 දෙනෙකු ත්‍රිරෝද රථයක් සමග (27) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

බගවන්තලාව වසම භාර ග්‍රාමසේවා නිලධාරිවරයා විසින් (27) දින සහනාදාර මළු 376 ක් ප්‍රදේශයේ ජනතාවට බෙදා හැර ඉතිරිව තිබු පාර්සල් 23 ක් බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතුයායේ පොහොර ගබඩාවේ තබා එම ගබඩාවේ ආරක්ෂාවට වතු කම්කරුවෙකු යොදා ඇත.

බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතු යායේ වතු වෘත්තිය සමිති කිහිපයක තලවර්ලා 05 දෙනෙකු ත්‍රිරෝද රථයකින් පැමිණ මුරකරුගේද සහයෝගය ඇතිව ගබඩා කර තිබු සහනාදාර මළු 23 න් 15 ක් ත්‍රිරෝද රථයේ නංවාගෙන රැගෙන යමින් සිටියදි බ්‍රිඩ්වෙල් වතු යායේ වතු කම්කරුවන් පිරිසක් ත්‍රිරෝද රථය සහ තලවර්ලා 05 දෙනා සහ මුරකරු අල්ලා බගවන්තලාව පොලිසිය වෙත භාර දි ඇත.

වතු තලවර්ලා තමන්ගේ වෘත්තිය සමිති සමාජිකයන්ට බෙදා දිම සදහා මෙම සහනාදාර මළු සොරකම් කර ඇති බව පවසමින් එම වතු යායේ වතු කම්කරුවන් පිරිසක් සහනාදාර මළු ගබඩා කර තිබු ගබඩා කාමරය අසල නොසන්සුන්කාරි ලෙස හැසිරුණි.

එම ස්ථානයට පැමිණි බගවන්තලාව පොලිසියේ නිලධාරින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ලබාදුන් පොරොන්දුව මත වතු කම්කරුවන් විසිර ගියහ.

– හැටන් රංජිත් රාජපක්ෂ


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now