මිලියන ගණනාවක වටිනාකමින් යුත් ඖෂධ භාර ගැනීම සැපැයුම් ඒකකය බෑ කියයි. - හේතුව මෙන්න.
Ministry of Health Sri Lanka
Government Of Sri Lanka
By Wayomi
රුපියල් මිලියන ගණනාවක වටිනාකමින් යුත් ඖෂධ තොග බොහොමයක් භාර ගැනීම වෛද්‍ය සැපයුම් ඒකකයේ නව පරිපාලනය විසින් ප්‍රතික්‍ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
වෛද්‍ය සැපයුම් ඒකකය දැනුම් දී ඇත්තේ, රටට අවශ්‍ය කරන ඖෂධ ඇනවුම් ප්‍රමාණයට වඩා වැඩි ඇනවුම් ප්‍රමාණයක් අදාළ ටෙන්ඩර් මගින් මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බැවින් එම අතිරේක ඖෂධ තොග සඳහා තමනට වගකීම භාර ගත නොහැකි බවයි.
මෙලෙස උද්ගතව ඇති තත්ත්වය මත මෙරටට ගෙන්වන ලද මිලියන ගණනාවක වටිනාකමින් යුත් ඖෂධ තොග වෛද්‍ය සැපයුම් ඒකකය විසින් භාර නොගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා හා සෞඛ්‍ය ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට සැපයුම්කරුවන් අවස්ථාවක් ඉල්ලා ඇතත්, එය මේ දක්වා ලබාදී නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.
