රහසිගතව ගංජා වැවු රුසියානුවා අත්අඩංගුවට .

Police spokesman Sri Lanka Russia
By Hashini Sep 15, 2023 05:40 AM GMT
Hashini

Hashini

Report

හබරාදුව පොලිසිය විසින් රුසියානු ජාතිකයෙකු විසින් පවත්වාගෙන ගිය ගංජා වගාවක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම ගංජා වගාව සොයාගෙන ඇත්තේ රුසියානු ජාතිකයෙකුට පහර දී මුදල් බලෙන් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයෙකු සම්බන්ධව විමර්ශන කිරීමේ දී බව පොලිසිය පවසනවා.

පොලීසිය වැඩිදුරටත් අනාවරණය කළේ, අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයා නවාතැන්ගෙන සිටි වංචාවල ,කදුරුදූව ප්‍රදේශයේ නවාතැන් පළක රහසිගතව මෙම ගංඡා වගාව සිදුකරගෙන ගොස් ඇති බවයි.

එහි තිබූ ගංජා පැළ 591 පොලිස් බාරයට ගෙන ඇති අතර එම ගංජා පැළ සමග රුසියානු ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

ReeCha