හැර ගිය බිරිඳ නිසා, දෙදරු පියෙක් පොලීසියෙන් ඉල්ලූ හද සංවේදී කරවන අහින්සක ඉල්ලීමක්.
Sri Lanka Police
Sri Lanka
By krishani
මීට දින තුනකට පමණ පෙර සිට තම තරුණ බිරිඳ තමන් අතහැර යෑම නිසා තුන් හැවිරිදි හා නව මස් වයසැති තම දියණියන් දෙදෙනා රැක බලා ගැනීමට අපහසු වූ පියෙක් සම්බන්ධයෙන් පුවතක් වාර්තා වේ.
ඒ හේතුවෙන් ඊයේ (13) මාස නවයක් වයසැති දියණිය පරිවාස භාරයට පත්කරන ලෙස එම පියා මින්නේරිය පොලිසියට දැරිය වඩාගෙන පැමිණ තිබෙනවා.
මෙසේ ඉල්ලීම සිදුකර තිබෙන්නේ ගිරිතලේ යාය එක පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් ය.
ඔහු තම සොයුරිය ද සමග පැමිණ මෙම පැමිණිල්ල කර තිබූ අතර නව මස් වියැති දරුවා තම මව ඉල්ලා අඬන බවත් ඇය නළව ගැනීම තමන්ට අපහසු බවත් තුන් හැවිරිදි දැරිය තමන් භාරයේ තබා ගන්නා බවත් පියා පොලිසියට පවසා තිබෙනවා.
පවුලේ පවතින අඬදබර නිසා මව සිය පවුල හැරගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, පියා සහ නව මස් වියැති දැරිය ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණ.
