දෙහි කිලෝවක් මිල රුපියල් 1,700 පනී
By Shehan
දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ මෙම දිනවල දෙහි කිලෝවක් රුපියල් 1,700 සිට 1,800 දක්වා ආකර්ෂණීය මිලකට අලෙවි වන බව දඹුල්ල වෙළඳ සංගමයේ සභාපති පී. ඒ. සිරිවර්ධන මහතා පවසයි.
දෙහි අස්වැන්න අඩුවීම සහ ඉල්ලුමට සරිලන සැපයුම් ලබාදීමට නොහැකි වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව බවත් ඔහු සඳහන් කරයි.
එලෙසම, වට්ටක්කා කිලෝවක තොග මිල රුපියල් 30 සිට 60 දක්වා ඉහළ ගොස් ඇති බව ද සභාපතිවරයා පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසුවේය;
“වම්බටු කිලෝව රුපියල් 230කට, බීට් කිලෝව රුපියල් 50 සිට 60 දක්වා, තක්කාලි කිලෝව රුපියල් 110කට, බණ්ඩක්කා කිලෝව රුපියල් 160කට සහ නෝකෝල් කිලෝව රුපියල් 130ක මිලකට දඹුල්ල වෙළඳපොළේ අලෙවි වෙමින් පවතී.”