හිටපු රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප ඉල්ලූ පෙත්සම ඉල්ලා අස්කරගනී
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහාධිකරණය අද (02) නියම කළේය.
මෙම පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබිණි.

ඉන්දීය රුපියල් කලාපීය වෙළෙඳාමට - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සමඟ ගනුදෙනු ඉන්දීය රුපියල්වලින් කරන්න තීරණයක්
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා විසින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට උපදෙස් ලබා දී ඇති බව පැවසීය.
ඒ අනුව, පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා, අදාළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.