සියලු ආගම්වලට ගරු කරන විදිහට අධ්‍යාපන ක්‍රමයක් - අගමැතිනි

Report

සියලු ආගම්වලට මෙන්ම සියලු සංස්කෘතීන්ට ගෞරව දැක්වීම සහ ඒවාට නිසි තැන ලබාදීම අධ්‍යාපන ක්‍රමය තුළින් ප්‍රචලිත කර සමාජගත කළ යුතු බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති නවරාත්‍රී උත්සව සැමරුමට එක්වෙමින් ප්‍රකාශ කළාය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය මෙසේ පැවසුවාය;

“ලස්සන අගය කරන, ගීතිකා පූජා පවත්වා ආදරය හා සතුට පතුරවන අද වැනි දවසක, බෙදාහදා ගැනීම, එකමුතුකම වැනි යහපත් ආකල්ප කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.”

අමාත්‍යාංශයේ දමිළ පාසල් කටයුතු අංශය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ.

උපාධිධාරී නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේ තරඟ විභාගය ගැන දැනුම්දීමක්

උපාධිධාරී නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේ තරඟ විභාගය ගැන දැනුම්දීමක්

තරුණ තරුණියන් හැට දහසකට රැකියා අවස්ථා

තරුණ තරුණියන් හැට දහසකට රැකියා අවස්ථා