ටිපර් රිය ඇළට පෙරළී රියැදුරු මරුට

By Kanchana Oct 02, 2025 07:18 AM GMT
Report

බලි ද්‍රව්‍ය පැටවූ ටිපර් රථයක් රත්තනපිටිය සූරියමල් මාවතේදී ඇළට පෙරලීමෙන් එහි රියදුරු ලෙස සිටි ව්‍යාපාරිකයකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ බොරලැස්ගමුව දිවුලපිටිය ‘සූරියමල්” මාවතේ පදිංචිව සිටි කේ. ඩඩ්ලිව්. ආනන්ද (51) නමැත්තායි.

මියගිය පුද්ගලයා පැරැණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීම ඇතුළු විවිධ ව්‍යාපාර කටයුතු සිදු කරන අතර නුගේගොඩ ගම්සභා හන්දිය ප්‍රදේශයේදී ගොඩනැගිල්ලක් කඩා ඉවතලන අබලි ද්‍රව්‍ය ටිපර් රථයේ පටවා වැඩ අංගනය වෙත රැගෙනවිත් තිබූ බව පොලිසිය ප්‍රකාශ කරනු ලබයි.

ඔහු වැඩ ස්ථානයේ සිට ටිපර් රථය පසුපසට ගැනීමේදී අසල ඇළ මාර්ගයට එකවරම උඩු බැලී අතට පෙරළී මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරනු ලබයි.

“අපි ඩොක්ටර් ෂාෆිව උස්සන් ගියා වගේ එකපාරට අපරාධකාරයන්ව අල්ලන්නේ නැහැ” - ඇමති බිමල්

“අපි ඩොක්ටර් ෂාෆිව උස්සන් ගියා වගේ එකපාරට අපරාධකාරයන්ව අල්ලන්නේ නැහැ” - ඇමති බිමල්

අනතුර වන අවස්ථාවේදී කාන්තාවක් වම්පස අසුනේ සිට ඇතත් ඇයට කිසිදු තුවාලයක් සිදුව නැතැයි ද පොලිසිය විසින් අවධාරණය කරයි ඇල මාර්ගය අඩි 10/13 පමණ ප්‍රමාණයකින් යුක්ත බවත් අඩි 2 ක පමණ මඩ එහි ඇතිබවත් ඒ හේතුවෙන් රියදුරු ලෙස සිටි මියගිය ව්‍යාපාරිකයාව පිටතට ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් පොලිසිය වැඩි දුරටත් සදහන් කරනු ලබයි.

සිදුවූ අනතුරින් ලොරියට ද බරපතළ අලාභ සිදුවී තිබේ.

සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ පැවැත්වීම සඳහා නුගේගොඩ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සුනීතා නානායක්කාර එම ස්ථානයට පැමිණ ඇත බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුමේධ විමල ගුණරත්නගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තරිඳු වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමක් මේ පිළිබද පරීක්ෂණ පවත්වනු ලබයි.

මෙයාව දැක්කොත් ඉක්මනට පොලීසියට කියන්න

මෙයාව දැක්කොත් ඉක්මනට පොලීසියට කියන්න

අද රත්වුණ රන් මිල - මිල ගණන් මෙන්න

අද රත්වුණ රන් මිල - මිල ගණන් මෙන්න