පෙර වසරවලට සාපේක්ෂව දරුවන් පරිවාස ගතවීමේ අඩුවක්
පෙර වසරවලට සාපේක්ෂව දරුවන් පරිවාස ගතවීමේ අඩුවක් දක්නට ලැබෙන බව පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් නොරිකා දර්ශනී පෙරේරා මහත්මිය සඳහන් කළේ බස්නාහිර පළාත තුළින් දරුවන් වැඩි වශයෙන් පරිවාස ගතවීම් සිදුවන බවයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සහකාර කොමසාරිස් නොරිකා දර්ශනී පෙරේරා මහත්මිය මේ පිළිබද ප්‍රකාශ කර තිබේ. කලින් වසර වලට සාපේක්ෂව පරිවාසගත වන ළමුන් ගණන අඩුවීමක් දැකගන්නට හැකියාව ඇති බවත් දැනට පරිවාස ගත වී ළමයි නවදාස් ගණනක් පමණ සිටින බවත් ළමයින්ට සිදුවෙන දූෂන වංචා ආදිය පිළිබද දෙපාර්තමේන්තුව වශයෙන් අපිට පැමිණිලි මගින් විමර්ශන කිරීමේ හැකියාවක් ඇති බවත් ඇය සදහන් කරන් ලදි.
විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් පවතින බවත්. ඒ අනුව දරුවෝ වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාත තුළ සිටින බවත් ඇය වැඩි දුරටත් සදහන් කරන ලදි.