ෆිච් ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව ඉහළට
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේචින් ආයතනය සිය නව ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව සී.සී.සී. ප්ලස් (CCC+) තත්ත්වයට ඉහළ දමා තිබේ.
එම නවතම ශ්‍රේණිගත කිරීම් නිකුත් කර ඇත්තේ ඊයේ (01) දිනයේදීයි.
මහ බැංකුව සතු සංචිත ප්‍රමාණය ඉහළ යාම, විදේශ විනිමය අනුපාත ස්ථාවර මට්ටමක පැවතීම, පොලී අනුපාත පහළ මට්ටමක පවත්වාගෙන යාම ආදී කරුණු ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල යළි ඉහළ තත්ත්වයකට පත්වීමට හේතු වී ඇත.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා විසින් ප්‍රකාශ කළේ ලංකාවේ ණය පැහැර හැරීමේ අවදානම් අඩු බව නිසාත්, මහ බැංකුව සතු සංචිත ප්‍රමාණය ඉහළ යාම ,විදේශ විනිමය අනුපාත ස්ථාවර මට්ටමක පැවතීම, පොලී අනුපාත පහළ මට්ටමක පවත්වාගෙන යාම ආදී නිර්ණායකයන් සලකා බලා මෙම මෙලෙස ශ්‍රී ලංකාව ෆිච් ශ්‍රේණිගත කිරීම් වලින් ඉහල දමා ඇති බවයි.
ලංකාව තව දුරටත් ණය පැහැර හරින්නාවූ රාජ්‍යක් නොවී ආර්ථික මට්ටමෙන් ශක්තිමත් ව ඉදිරියට යන බව ඔහු වැඩි දුරටත් සදහන් කරන ලදි.
