ගැස්ට්‍රයිටිස් රෝගය අනිවාර්යයෙන් සුව කරන සාර්ථකම බෙහෙත දියබත හදන විදිය හරියටම

Gastritis
By Thaya Jan 17, 2021 08:15 PM GMT
Thaya

Thaya

Report

අතීතයේ අපේ ගම් ගෙවල්වල රෑ කෑමට හදපු බත් ඉතුරු උනාම පහුවදා උදේ එය විසි කරලා දැම්මේ නැහැ. එයාල රෑ කෑමට හදලා ඉතිරිවෙන බත්වලට කියන්නේ හීල් බත කියලා. ඉතින් මේ හීල් බතට වතුර දමා උදේට කන්න දියබත හදලා ගන්න එක හැම ගැමි ගෙදරකම පුරුද්දක් උනා. කොහොමත් එදා ගෙවල් වල බත් පිස ගත්තෙ අද වගේ රයිස් කුකර් එකේ නොවෙයි මැටි මුට්ටියේ . මැටි මුට්ටියේ පිසගත් බත් වලට ඉතිරි වුණ කොටසට සමාන වතුර ප්‍රමාණයක් ඊට එක් කරලා ඒ බදුනේ ම සාමාන්‍ය උෂ්ණත්වය තියෙන්න ඇරලා තමයි මේ දියබත සකස් කරගත්තේ.

ඒ විදියට සකස් කරගත් දිය බත උදෑසන ආහාරයට ගත්තේ පොල් කිරි හොද්දක් සමග නැත්නම් හකුරු කෑල්ලක් සමඟයි.පොල්කිරි ටිකක් මිරිකලා එයට රතුළූණු වියළි මිරිස් කරලක් උම්මලකඩ කැබලි ටිකක් දාලා දෙහි එක්ක හොඳින් අනලා සකස් කර ගත් පොල් කිරි හොද්ද එක්ක මේ දියබත ආහාරයට ගන්න පුළුවන්. ගැස්ට්‍රයිටීස් ඇති අයට නැත්නම් මිරිස් අගුණ අයට ඒ වෙනුවට කිතුල් හකුරු කෑල්ලක් එක්ක කෑමට හැකියාව තිබෙනවා. රාත්‍රි බතට එක් කරන වතුර පෙරා ඉවත් කරන එක නම් හොද නැහැ. එවිට එහි පෝෂණය අපතේ යනවා.

පර්යේෂණ වලින් සොයාගෙන ඇති අන්දමට දියබත් ආහාරයට ගැනීම ශරීර ශක්තිය වඩවන අතර හිතකර බැක්ටීරියා වර්ග ශරීරයට ලබා ගැනීමට හැකියාව ලැබෙවා. මෙහි කෙඳි සහිත බව නිසා මලබද්ධය දුරලා සිරුර ප්‍රබෝධමත් කරයි. සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සාමාන්‍ය කර තරුණ බව රැකදෙයි.මීට අමතරව තුවාල සුව කිරීමේ ශක්තියද දියබතට පවතිනවා. ඔබ දන්නවාද මේ විදියට බත් සාමාන්‍ය පරිසරයේ තියෙන කොට අවට පරිසරයේ හා වාතය වාසය කරන හිතකර ක්ෂුද්‍ර ජීවීන් ඒ මත ක්‍රියාකරන බව.

එවිට බත් පැසීමේ ක්‍රියාවලියට ලක් වී විටමින් B වගේම C සාන්ද්‍රනය ඉහළ යනවා. සැබෑවටම අලුත් බත්වලට වඩා දියබත් හරිම සැහැල්ලුයි. ජීරණය පහසු නිසාම ආමාශයේ වැඩිවේ රැඳෙන්නේ නැහැ. දංකුඩ සහිත බත් වල ක්ෂාරීය ගුණය වැඩි නිසා මෙම ආහාරය අම්ලපිත්ත රෝගීන්ට වඩා හොද සහනයක් සහනයක් ළඟා කර දෙනවා. ඒ වගේම මෙහි කැලරි ප්‍රමාණයත් ඉතාම අඩුයි.ඉතින් අතීතයේ මිනිසුන් නිරෝගීව සිටීම අරුමයක් නොවේ. මැටි මුට්ටියක් වත් අද ඇතැම් නිවසක සොයා ගැනීමටත් අපහසු තරම්.දිය බත් ගැන නොදැන සිටි සියලූ දෙනාම එක් වරක් හෝ එය රස විඳ බලන්නට හැකි නම් ඉතාම වටිනවා.

පළාතෙන් පලාතට දියබතට එක්කෙරෙන අමුද්‍රව්‍ය වල යම් යම් වෙනස් කම් සිදුවන අවස්ථාවත් දැකගත හැකියි. කොළඹ එක්කෙරුණු අමු මිරිස් වෙනුවට දකුණු පළාතේ බැදගත් හෝ ගින්දරට අල්ලා පුළුස්සා ගත් වියලි මිරිස් කරල් දෙක තුනක් කුඩා කැබලි කර එක් කරණ අතර නුවර මිරිස් එක් නොකර කිතුල් හකුරු සමඟ ආහාරයට ගැනීම සිදුවේ. රසවත් බව වැඩි කර ගැනීමට සහ තම කැමැත්තේ හැටියට ඉදුණු තක්කාලි ගෙඩියක් හෝ උම්බලකඩ කුඩු ස්වල්පයක් එක්කෙරෙන අවස්තාද මේ අතර ඇත.කුමන ආකාරයකට පිළියෙළ වූවත් දියබතේ රසසහ ගුණ මිස අගුණයක් නැත.ශරීරයේ විෂ නසා සිසිල් කිරීමේ මහඟු ගුණයක් ඇති දියබත පායන වියලි දේශගුණ කාලවලදී ජිවිත බේරාගන්නා ඖෂධයක් මට්ටමට වටිනාකමින් වැඩිවේ. එවන් කාලවලදී ඇතිවන ඇස් රෝග, සමේ ආසාධන, කටදිව පැලිම, යටිපතුල් වල පැලීම් වැනි ඌශ්නාධික රෝග වලින් මිදීමට හෝ ඉක්මන් සුව ලබා ගැනීමට දියබතතරම් සමත් වෙනත් ඖෂධයක් නැත.

දියබත උෂ්ණාධික රෝග සහ ගැස්ට්‍රයිටිස් රෝගයට සුවදායි වන බවට ආයුර්වේද වෛද්‍ය විද්‍යා මුල ධර්ම ඔස්සේ සරලව විග්‍රහ කර පෙන්විය හැකියි. එනම් විසෙන් විෂ නැසීමයි.දෙහියුෂ සහ රතුළූණු ආම්ලික ආහාර වලින් අනූන දියබත දිවට වැටුණු වහා මුලින් දැනෙන්නේ ආම්ලික ඇඹුල් රස. ඒ නිසා ආමාශය භාශ්මියකරණයට සුදානම්ව අම්ල අඩුකරයි. ඒ මතට තවදුරටත් භාෂ්මියකරණය අඩංගු පොල්කිරි යෙදෙයි. එමගින් ශරීරයේ ස්වභාවික ආම්ලික බව අඩුකිරීම උත්තේජනය කර බාහිරින් ආම්ලික බව අඩු කෙරෙන ආහාර යෙදෙයි.ඒ බහුල ආහාර වන දෙහි, රතුළුණු සහ අමුමිරිස් අඩංගු දෑ…

දියබත පිළියෙළ කෙරෙන අමුද්‍රව්‍ය අතර ප්‍රධාන වන්නේ හීල්බතය. අද වන විට උදෑසන ආහාරය සපයන පාන් සහ තිරිඟු පිටි නිෂ්පාදන අධික තාපයට හසුව එහි ඇති එන්සයිම වර්ග, හෝර්මෝන වර්ග සහ ප්‍රතිඔක්‌සිකාරක ආදී යහපත් රසායනික සංයෝග බොහොමයක් විනාශ වේ.නමුත් එදා අප ආහාරයට ගත් කැකුළු සහල් පිසෙන විට හැර වෙනත් ආකාරයට තාපයට හසුවීමක් නැත. පිෂ්ඨය ඇතුළු සහල් නිවුඩ්ඩ තුළ ඇති විටමින් වර්ග, ලවණ සහ ඛනිජ අඩංගු පෝෂ්‍යදායි සෙමෙන් දිරවන ආහාරයකි; හීල් බත.පොල් කිරෙන් දියබතට ලැබෙන අපුර්ව රසය සහ භාෂ්මිකතාවයට අමතරව වාසි ලැබේ.

සමස්ථයක් ලෙස ඇති ප්‍රයෝජන

මේ සියලු හේතු නිසා ආහාරමය වශයෙන් දියබත බොහෝ පෝෂණීය ගුණ සහිත ශක්ති ජනක ආහාරයකි. දවස පුරා සිරුර නැවුම් බැවින් තබමින් බොහෝ රෝග වලින් ඔබ වලකන දියබතට ඔබේ මුළුතැන් ගෙයි නිසි තැන ලබා දෙන්නට සැරසිය යුතුය.ලංකාව වැනි රස්නෙ රටක සිටිනවා නම් දාහය නිවන කෑම ලබා ගැනීම අනිවාර්යයි. දිය බත් එවැනි ඇඟ සිසිල් කරන ලංකාවටම ආවේණික ආහාරයක්. ඒ වගේම දිය බත් යනු පහසුවෙන් සදා ගත හැකි සමබල, පෝෂ්‍ය දායක උදෑසන ආහාරයක්.

දිය බත හදන විදිය අවශ්‍ය ද්‍රව්‍ය:

සාදන අයුරු:රාත්‍රියේ දී බත් භාජනයකට දමා එයට ජලය එකතු කර පෙ‍ඟෙන්නට හරින්න. පසු දින උදෑසන ජල‍යේ පෙඟුන බත් මිරිකා ජලය ඉවත් කරගන්න. බත් පෙරා ගත් වතුර බීමට ගත හැකිය.බත් ටික නෑඹිලියකට දමා පොල්කටු හැන්දෙන් හොඳින් පොඩි කරගන්න. පොල් කිරි වලට ලියාගත් සුදු ළූණු, රතු ළූණු, පුළුස්සා ගත් වියළි මිරිස් හෝ අමු මිරිස්, දෙහි යුෂ සහ රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කර ගන්න.

අවසානයට මෙම මිශ්‍රණයට බත් ටික එකතු කර ගන්නග මෙය කිතුල් හකුරු සමඟත් ආහාරයට ගත හැකියි.දාහය නිවන දිය බත්, තොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවක් වන අතර ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ල පිත්ත නමින් ආයුර්වේදයේ හඳුන්වන රෝගී තත්ත්වයටත් ඉතාමත් ගුණදායකයි. වියදම අඩු, සෑදීමට ඉතාමත් පහසු දිය බත් අනිවාර්යයෙන්ම හදල බලන්න


ReeCha