මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට අධි චෝදනා

Report

2014 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් මේ වන විට සිරදඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙනු ලැබුවා.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේ ඉන් අනතුරුව මෙම විත්තිකරුවන් තුන්දෙනා ඇප මත මුදා හැරීමටයි.

දේවාලය ඇතුලේ සමූහ මිනිවලක් -අවුරුදු 20ක් තිස්සේ ගැහැණුන්ව ළමයින්ව දුෂණය කර වළ දාලා

දේවාලය ඇතුලේ සමූහ මිනිවලක් -අවුරුදු 20ක් තිස්සේ ගැහැණුන්ව ළමයින්ව දුෂණය කර වළ දාලා

කෙසේ වෙතත් මෙම නඩුවේ විත්තිකරුවන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය දැනටමත් සිරදඬුවම් නියම වී සිටින බැවින් ඔවුන්ව මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහාධිකරණ විනිසුරු නියම කරනු ලැබුවා.

රියදුරු බලපත්‍රයට ළඟදීම ජාත්‍යන්තර පිළිගැනීමක්

රියදුරු බලපත්‍රයට ළඟදීම ජාත්‍යන්තර පිළිගැනීමක්