කන්දක් වගේ පෙනුනට ඇත්තටම කන්දක් නෙවෙයි. - ලංකාවෙන් හමු වූ අමුතුම දෘෂ්ටියේ මායාව. - (VIDEO)

Report

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ මහාචර්ය අතුල සේනාරත්න මහතා දෘෂ්ටි මායාවක් සහිත ස්ථානයක් නාඋල - ඇළහැර මාර්ගයේ මොරගහකන්ද ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

මෙම ප්‍රදේශයේ වාහනයක් නියුට්‍රල් ගියරයේ කන්දක් මතට ධාවනය වන අයුරු දැකගැනීමේ හැකියාව පවතින බවයි ඔවුන් සොයාගෙන ඇත්තේ.

කන්දක් වගේ පෙනුනට ඇත්තටම කන්දක් නෙවෙයි. - ලංකාවෙන් හමු වූ අමුතුම දෘෂ්ටියේ මායාව. - (VIDEO) | The Magic Of Wonderful Sight In Sri Lanka

 මෙම ස්ථානය පිළිබඳ අවධානය යොමුව තිබුණේ හිටපු යුද හමුදා කර්නල්වරයෙකු වන රත්නප්‍රිය බන්දු මේ පිළිබඳව මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්නට විඩීයෝවක් මඟින් කළ දැනුම්දීමක් හේතුවෙන්.

ඒ අනුව මාහාචාර්ය අතුල සේනාරත්න එම ස්ථානය පරීක්ෂාවට ලක් කරනු ලැබූ අතර මෙම මාර්ගය පියවි ඇසින් දැකීමේදී නිරීක්ෂණය වන්නේ කන්දක් ලෙසටයි.

ඊට අදාළ මාර්ග සළකුණු ද මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙහි සවිකර තිබෙනවා. 


Sponsor By - Sarrita Jewellery