සියල්ලන්ගේම බලාපොරොත්තු දල්වමින්..නතර කර තිබූ දිනුම් ඇදීමක් නැවත ඇරඹේ.

lottery online selling draw Lalith Pium
By Sewvandhi Oct 02, 2021 03:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දින ගණනාවක් අත්හිටුවා තිබූ ලොතරැයි දිනුම් ඇදීම් අද සිට ආරම්භ කෙරෙන බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතා පවසනවා.

නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් එළෙස අත්හිටුවා තිබූ අතර ලොතරැයි අලෙවි කටයුතු ද අද (02) සිට ආරම්භ කෙරෙනු ඇති. මේ අතර, Online ක්‍රමයට ලොතරැයි අලෙවි කිරීමේ ක්‍රමවේදය වඩාත් පුළුල් කිරීමට මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරමින් පවතින බව ද සභාපතිවරයා පැවසුවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය වැනි අවස්ථාවල දී අලෙවි ජාලය බිඳ වැටීම සහ ලොතරැයි අලෙවියේ සිටින සාමාජිකයන්ගේ ආදායම් තත්ත්වය පිළිබදව අවදානය යොමු කරමින් මෙලෙස Online ලොතරැයි අලෙවිය වඩාත් පුළුල් කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත්, ලොතරැයි අලෙවියේ සිටින 25,000කට ආසන්න යැපෙන්නන්ට ගැටලුවක් නො වන අයුරින් එය සිදුකිරීමටයි නියමිතව ඇත්තේ. කඩදාසි ලොතරැයි ක්‍රමයට තිත තබන බවට ඇතැම් ප්‍රචාර පැවතිය ද එලෙස සිදුකිරීමට කිසිදු අපේක්ෂාවක් නො මැති බව ද සභාපතිවරයා සඳහන් කළා.

එසේම අලෙවි ජාලයට කිසිදු ආකාරයකට බලපෑමක් ඉන් සිදු නොවන බවයි පැවසෙන්නේ. පවතින කොරෝනා වසංගත තත්ත්වය වැනි අවස්ථාවල දී අලෙවි ජාලය බිඳ වැටීම සහ ලොතරැයි අලෙවියේ සිටින සාමාජිකයන්ගේ ආදායම් තත්ත්වය පිළිබදව අවදානය යොමු කරමින් මෙලෙස ඔන්ලයින් ලොතරැයි අලෙවිය වඩාත් පුළුල් කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha