ඇතෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට..!
Sri Lanka
Sri Lanka Police Investigation
Elephant
By Sewvandhi
ආණමඩුව පොලීසිය වාර්තා කරන්නේ, වන සතුන් දඩයම් කිරීම සඳහා අවටා තිබූ විදුලිය රැහැනක පැටලී වන ඇතෙකු මිය ගොස් ඇති බවයි.
මියගිය වන ඇතැගේ සිරුර ආණමඩුව - වෙම්බුවැව ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබී හමුවී තිබේ.
පොලීසිය පවසන්නේ, අඩි 10ක් පමණ උසකින් යුක්ත වන ඇතාට අඩි 03ක පමණ දළ යුගලක් ද තිබෙන බවයි.
වන ඇතාගේ මරණයට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු හදුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදුකරන බවත් පොලීසිය සඳහන් කරයි.
