රටේ ආරක්ෂාව හදිසියේම තර කරයි

Report

2025 පළාත් පාලන මැතිවරණය හෙට (06) දින පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීමට අදාළ විශේෂ පොලිස් රාජකාරි අද (05) දිනයේ සිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 65,000ක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 3,000කට ආසන්න ප්‍රමාණයක් මැතිවරණ රාජකාරි සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කරයි.

කොළඹ රග්බි ක්‍රීඩකයෝ 6ක් තවත් රග්බි ක්‍රීඩකකුට ලිංගික අතවර...

කොළඹ රග්බි ක්‍රීඩකයෝ 6ක් තවත් රග්බි ක්‍රීඩකකුට ලිංගික අතවර...

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නිරීක්‍ෂකයන් 3,000කට ආසන්න පිරිසක් යෙදවීමට කටයුතු කර ඇති බවත් එහි නිරීක්ෂණය කිරීමට විදේශ නිරීක්‍ෂකයන් සහභාගි නොකරන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

මාධවීගේ කලින් සැමියා යුග දිවියට

මාධවීගේ කලින් සැමියා යුග දිවියට

හෙට උදැසන මැතිවරණය ආරම්භ වීමට නියමිතව ඇති අතර සවස 04.00 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම මැතිවරණ කටයුතු සඳහා කිසිඳු බාධාවක් එල්ල නොවන අයුරින් ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.