මහ බැංකු පොලී අනුපාතික ගැන විශේෂ දැනුම්දීමක්.

Sri Lanka Lean The central bank
By Aruna Oct 14, 2021 07:29 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය අගෝස්තු මාසයේ දී සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීමට තීරණය කළා.

ඒ අනුව එම බැංකු පොලී අනුපාතික අඛණ්ඩව, දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

එම තීරණයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 5 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 6 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර තිබෙනවා.

දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්ව සහ අපේක්ෂිත වර්ධන මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹුණු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.

ඉදිරි කාලයේදී මෙරට ආර්ථිකයට එහි විභව මට්ටම කරා ළඟාවීමට සහාය වන බවත් සුදුසු ක්‍රියාමාර්ග මඟින් මැදිකාලීන උද්ධමන ඉලක්ක ගත මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය කැපවෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරනවා.


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු with ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සිකුරාදාවක්ම සවස 4.00 ට අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක

Subscribe කරන්න


 වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.