පඬු කරඳ ගසේ නඩුව අවසන්.

Sri Lanka Sri Lanka Magistrate Court
By Hashini Nov 04, 2023 04:41 AM GMT
Hashini

Hashini

Report

 මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ගම්පහ - දාරළුව ප්‍රදේශයේ තිබී ඉවත් කළ පඬු කරඳ ගසෙහි නඩුව අවසන් කර තිබෙනවා.

දාරලුව පඬු කරඳ ගස රහසිගත ව කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ නඩුව එහි පැමිණිලිකරුවන් විසින් ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

මෙම නඩුව පවරා ඇත්තේ පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ උඩස්ගිරියේ සමිත හිමියන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිවේගී මාර්ගයේ නිලධාරීන් විසිනි.

පැමිණිලිකාර පාර්ශ්වය විසින් නඩුව ඉල්ලා අස්කරගෙන ඇත්තේ අතිරේක මහෙස්ත්‍රාත් ෆාතිමා මෆ්පි ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදියි.

එහි දී අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරයා පැමිණිලිකරුවන් විසින් නඩුව ඉල්ලා අස්කර ගැනීම පුදුම සහගත බවත් ඉදිරියේ දී අදාළ නිලධාරීන්ට එරෙහි ව නීතිමය පියවර ගන්නා බවත් පවසා සිටියා.


ReeCha