අතුරුදන්ව සිටි පොලිස් කොස්තාපල්වරයාගේ මළසිරුර සොයා ගැනේ.
Police spokesman
Sri Lanka Police
Missing Persons
Sri Lanka
Death
By Hashini
නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලීම සඳහා ගොස් අතරුදන්ව සිටි පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.
ඔහු කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්.
ඊයේ (14) දහවල් පොලිසියට ලද තොරතුරක් මත අදාළ නිලධාරියා ගොස් තිබුණේ කිලිනොච්චිය පුදුඅයියන්කුලම ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසළ සිදු කළ මත්පැන් ජාවාරමක් වැටලීම සඳහායි.
නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් වැටලීම සිදුකරන අවස්ථාවේ ඇළට පැන පිහිනාගොස් ඇති අතර, එහිදී මෙම කොස්තාපල්වරයා ඔවුන්ව අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී අතුරුදන්වී තිබුණා .
පොලිසිය පවසන්නේ එසේ අතුරුදන්ව සිටි පොලිස් කොස්තාපල්වරයාගේ මළසිරුර කිලිනොච්චි මලයාලපුරම් වැවක තිබී සොයා ගත බවයි.
