මෙරටින් හමු වූ ලොකුම මැණික ගැන අණාවරණයක්.

By krishani May 26, 2023 04:21 AM GMT
Report

ලොව විශාලතම මැණික් පොකුර බව පැවසෙන මෙරටින් හමු වූ මැණික් පාෂාණය තක්සේරු කිරීමේ දී යම් මුලාවක් සිදු වී ඇති බව කෝප් කමිටුව පවසයි.

ඒ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳ වූ අවස්ථාවේ දී ය.

එම මැණික් පාෂාණය සම්බන්ධයෙන් ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කළ ආකාරය එහි වෘත්තීයභාවයට නොගැලපෙන බව කමිටු සාමාජික අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළේ ය.

එහිදී ඔහු අදාළ පුද්ගලයින්ගෙන් විමසුවේ මේ වගේ ක්ලස්ටර්ස් හැම තැනම ඇති බවත් මෙවැනි බොරුවක් කළේ ඇයි ලෙසත් ය.

"ඕක අර කිව්වා වගේ ගිනස් රෙකෝර්ඩ් එකක් අරං තියෙනවා.BIGGEST SAPPHIRE කියන එක.ඒක අරගෙන එයාලා උත්සාහ කරලා තියෙනවා ප්‍රදර්ශනයට දාලා විකුණන්න.ඒක විකුණගන්න බැරි වෙලා තියෙනවා'' යනුවෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා අදහස් දක්වමින් කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join