මම පුංචි කාලේ ඉදන්ම හීන දැක්කේ නිලියක් වෙන්න, අවුරුදු කුමරිය තරඟය මගේ ඒ හීනය සැබෑ කළා-තත්සරණි පියුමිකා (PHOTOS )

By Sithumi Mar 14, 2023 05:16 PM GMT
Report

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ, දිව්‍යාදරී, කියා දෙන්න ආදරේ තරම් සහ ජානු කියන ටෙලි නිර්මාණ හතරෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි තත්සරණි පියුමිකා කියලා කියන්නේ.

ඉතින් කටකාර දඟකාර රංගන ශිල්පිනියක් විදිහට ප්‍රසිද්ධ ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය පුංචි කාලෙ ඉඳන්ම හීන දැක්කෙ රංගන ශිල්පිනියක් වෙන්න කියලයි ඇය කියන්නේ. ඒ වගේම අද සැබෑවෙලා තියෙන්නෙ ඒ දැකපු හීනය කියලත් ඇය කියනවා.

ඉතින් ඇයට මේ තුළින් අද විවිධ චරිත නිරූපණයන්ට යන්න හැකිවෙලා තියෙන නිසාම ඇය හරිම ආසයි වගේම ආදරෙයිලු කලාවට. ඒ වගේම ඉදිරියට විවිධාකාර චරිත රංගනයන්වලට යන්න ලොකුම කැමැත්තක් තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම එකම චරිත රංගනයන්ට කොටු නොවී මේ වෙද්දි ලැබුණු චරිත ගැනත්, සම්බන්ධ වෙන්න ලැබුණු නිර්මාණ ගැනත් ලොකු සතුටක් තියෙනවා කියලත් ඇය කියනවා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery