මේ පාර අලුත් අවුරුද්ද රටට සුබ වෙන එකක් නැහැ - අද සිට විදුලි ගාස්තුත් වැඩි වෙයි - දරුණු අර්බුදයක් ගැන චම්පික කට අරී

Report

විදුලි ගාස්තු වැඩි කිරීමට සිදු වූයේ ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද(1) දින මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත.

ඒ අනුව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ එළඹෙන අවුරුදු සමය මහජනතාවට නම් සුබ අලුත් අවුරුද්දක් නොවනු ඇති බවයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන ක‍ර තිබූ මෙම මාධ්‍ය හමුව කොළඹ නිපොන් හෝටලයේදීී පැවැත්වූ අතර ඒ සඳහා විපක්ෂයේ පක්ෂ නායකයන් රැසක් සහභාගී වී සිටියා.

ඉතිහාසයේ නොවූ විරූ ආකාරයේ ඉන්ධන ප්‍රිමියම් ගාස්තුවක් - ජූනිවලට කළින් එන්න තියෙන බොරතෙල් නැව් ගැනත් රතු එළියක්

ඉතිහාසයේ නොවූ විරූ ආකාරයේ ඉන්ධන ප්‍රිමියම් ගාස්තුවක් - ජූනිවලට කළින් එන්න තියෙන බොරතෙල් නැව් ගැනත් රතු එළියක්

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් චම්පික රණවක මහතා කියා සිටියේ,

"එළඹෙන අවුරුදු සමය අපේ මහජනතාවට නම් එච්චර සුබවාදී නැහැ. අද සිට විදුලි ගාස්තුව වැඩි කිරීමට අනුර කුමාර දිසානායක ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ආණ්ඩුව 13.5ක විදුලි වැඩිවීමක් ඉල්ලා තිබුණා. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලය නිල වශයෙන් විසුරුවා දැමීමේ නායකත්වය ගත්තෙත් අනුර කුමාර ජනාධිපතිතුමා. ඒ සමාගම්වලින් ඉවත් වීමට දෙදහසකට ආසන්න පිරිසක් එකඟ වී තිබෙනවා. මේ අයගේ විශ්‍රාම ගැන්වීමේ යෝජනාවලියක් ඉදිරිපත් වී තිබුණා. එය මහජන උපයෝගීතා කොමිසම සැලකිල්ලට ගෙන තිබෙනවා. එය මෙවර විදුලි ගාස්තු වැඩි වීමට එකතු කර නැහැ. ඒ නිසා මෙවර විදුලි වැඩිවීම 10.5කට සීමා කර තිබෙනවා. නමුත් ගෘහස්ථ පාරිභෝගිකයන්ට විදුලි බිල 13.5ක් දක්වා වැඩිකර තිබෙනවා. ඒ කාරණය කවුරුත් දන්නවා. කර්මාන්තවලට විදුලි බිල 8.7 කින් වැඩිකර තිබෙනවා. සියලුම බිල් වැඩිවීම තුළ කර්මාන්ත ක්ෂේත්‍රයට දරුණු අර්බුදයක් ඇතිවීමට නියමිතයි."

සුළු මොහොතකට පෙර නිවේදනයක් - හෙට ප්‍රදේශ කිහිපයකටම වැසි හෝ ගිගුරුම් සහිත වැසි

සුළු මොහොතකට පෙර නිවේදනයක් - හෙට ප්‍රදේශ කිහිපයකටම වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මෙම අවස්ථාවට හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන,හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරු ඇතුළු පක්ෂ නායකයන් එක්ව සිටියා.

මුළු ලොවම බලා සිටි ආරංචිය - ට්‍රම්ප් ජාතිය අමතයි - ඉදිරි සති දෙකත් තුනත් අතර කාලය තුළ සියල්ල අවසන්

මුළු ලොවම බලා සිටි ආරංචිය - ට්‍රම්ප් ජාතිය අමතයි - ඉදිරි සති දෙකත් තුනත් අතර කාලය තුළ සියල්ල අවසන්

ඉදිරි විභාග ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

ඉදිරි විභාග ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්