ගෙවුණු පැය 24 වැඩිම උෂ්ණත්වය කුරුණෑගලට - නිවේදනයක්
අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ උපරිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 37 කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.
ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අවම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 8.1 නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.
එසේම මෙම කාලය තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 39 ලැබී ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කළුපහන වතුයාය ප්‍රදේශයට බව සඳහන්.
මේ අතර රත්නපුර - නිරිඇල්ල ප්‍රදේශයට මිලිමීටර 30 ක් ද, කුකුළේගඟ ප්‍රදේශයට මිලිමීටර 26 ක්ද, කටුනායක ප්‍රදේශයට මිලිමීටර 17 යි දශම 3 ක වර්ෂාපතනයක් ද ලැබී ඇති බව සඳහන්.