"නඩු පවරන්න පදනමක් නෑ" - නීතිපති උපදෙස් මත ඕරා ලංකා සභාපති නිදහස්

Report

හෙලිකොප්ටර් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 70ක මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධ නඩුවෙන් ව්‍යාපාරිකයෙකු වන ඕරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තඹුගල නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නියෝග කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබූ මෙම නඩුව සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව අපරාධ නඩු පැවරීමට ප්‍රමාණවත් පදනමක් නොමැති බව නීතිපතිවරයා විසින් දැනුම් දී ඇති බව අධිකරණයට වාර්තා වී තිබේ.

චීනයේ ගල්අඟුරු පතලක් පුපුරා යයි - 8ක් මිය යද්දී තවත් 38ක් විෂ වායු මැද පණපිටින් සිරවෙයි

චීනයේ ගල්අඟුරු පතලක් පුපුරා යයි - 8ක් මිය යද්දී තවත් 38ක් විෂ වායු මැද පණපිටින් සිරවෙයි

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා ප්‍රේමරත්න මහත්මිය විසින් විරංජිත් තඹුගල නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කළ අතර, ඔහුට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනමද ඉවත් කර ඇත.

මෙම නඩුව ගොනු කර තිබුණේ IWS හෝල්ඩිංග්ස් (පුද්ගලික) සමාගමේ ප්‍රධානී ආතර් සේනානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව වන අතර, ඒ පිළිබඳව CID හි මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශන සිදු කර තිබුණි.

මේ අතර, සැකකරුගේ නීතිඥ උපාලි ජයමාන්න මහතා අධිකරණයට පෙන්වා දී ඇත්තේ මෙම පැමිණිල්ල ද්වේශ සහගත ලෙස ගොනු කර ඇති බවත්, එවකට පැවති දේශපාලන ආරවුල්ද මෙයට බලපා ඇති බවත්ය.

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මංකොල්ලයක් - කථානායක, ජනපති සහ මුදල් කමිටුව දැඩි නිශ්ශබ්දතාවයක

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මංකොල්ලයක් - කථානායක, ජනපති සහ මුදල් කමිටුව දැඩි නිශ්ශබ්දතාවයක

"පුස් සටන් පාඨ පස්සේ ගියොත් රට හැදීමේ අරමුණ ඉවරයි" - හිටපු කථානායකවරයා වර්තමාන යථාර්ථය කියයි

"පුස් සටන් පාඨ පස්සේ ගියොත් රට හැදීමේ අරමුණ ඉවරයි" - හිටපු කථානායකවරයා වර්තමාන යථාර්ථය කියයි