කළු ගඟ පිටාර ගැලීමේ අවදානමක - දිස්ත්‍රික්කයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට සුළු ගංවතුර අනතුරු ඇඟවීම්

By Aylin Zoya May 23, 2026 05:08 AM GMT
Report

කළු ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින්, කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

අද පෙරවරු 8.30 සිට පැය 24ක කාලයක් සඳහා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, මිල්ලනිය, කළුතර, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවද දැනුම් දී ඇත. අදාළ ප්‍රදේශවල ජනතාව විමසිලිමත්ව සිටින ලෙසත්, අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙසත් බලධාරීන් ඉල්ලා සිටියි.

රත්නපුරේ අධි අවදානම් නායයෑමක් - පවුල් 12ක් හදිසියේම ආරක්ෂිත තැන්වලට

රත්නපුරේ අධි අවදානම් නායයෑමක් - පවුල් 12ක් හදිසියේම ආරක්ෂිත තැන්වලට

"පුස් සටන් පාඨ පස්සේ ගියොත් රට හැදීමේ අරමුණ ඉවරයි" - හිටපු කථානායකවරයා වර්තමාන යථාර්ථය කියයි

"පුස් සටන් පාඨ පස්සේ ගියොත් රට හැදීමේ අරමුණ ඉවරයි" - හිටපු කථානායකවරයා වර්තමාන යථාර්ථය කියයි

වෙසක් පොහොයට දන්සල් දීම තහනම් - ගාල්ල නාගොඩින් ආන්දෝලනාත්මක තීරණයක්

වෙසක් පොහොයට දන්සල් දීම තහනම් - ගාල්ල නාගොඩින් ආන්දෝලනාත්මක තීරණයක්