"දේශපාලන බලයෙන් ඉඩම් අල්ලපු කාලේ ඉවරයි" - අම්පාරේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ප්‍රබල අනාවරණයක්

Report

නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. දේශපාලන බලය භාවිත කරමින් ඉඩම් අල්ලා ගැනීම හේතුවෙන් නැගෙනහිර පළාත තුළ ගැටලු රැසක් මතුව ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව ඉඩම් ආරක්ෂා කිරීම සහ අදාළ ගැටලු නිරාකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අධ්‍යාපන කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි පරිපාලන ව්‍යූහයන් පිහිටුවීම දේශපාලන කටයුත්තක් නොව පරිපාලන කාර්යයක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. අම්පාර දිස්ත්‍රික්කයේ ගුරු පුරප්පාඩු ඇතුළු ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

චීනයේ ගල්අඟුරු පතලක් පුපුරා යයි - 8ක් මිය යද්දී තවත් 38ක් විෂ වායු මැද පණපිටින් සිරවෙයි

චීනයේ ගල්අඟුරු පතලක් පුපුරා යයි - 8ක් මිය යද්දී තවත් 38ක් විෂ වායු මැද පණපිටින් සිරවෙයි

රත්නපුරේ අධි අවදානම් නායයෑමක් - පවුල් 12ක් හදිසියේම ආරක්ෂිත තැන්වලට

රත්නපුරේ අධි අවදානම් නායයෑමක් - පවුල් 12ක් හදිසියේම ආරක්ෂිත තැන්වලට