චීනයේ ගල්අඟුරු පතලක් පුපුරා යයි - 8ක් මිය යද්දී තවත් 38ක් විෂ වායු මැද පණපිටින් සිරවෙයි
By Aylin Zoya
උතුරු චීනයේ ගල්අඟුරු පතලක සිදුවූ ගෑස් පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පිපිරීම හේතුවෙන් තවත් 38 දෙනෙකු පතල තුළ සිරවී සිටින අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය විෂ වායු ආග්‍රහණය හේතුවෙන් දැඩි ලෙස පිරිහී ඇති බවද වාර්තා වේ.
සිද්ධිය වන අවස්ථාවේ පතල තුළ කම්කරුවන් 247 දෙනෙකු සිට ඇති අතර, ඉන් 201 දෙනෙකු මේ වන විට ආරක්ෂිතව මුදා ගැනීමට බලධාරීන් සමත්ව තිබේ. සෙසු පිරිස මුදා ගැනීම සඳහා සෙවීම් සහ සහන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.