ලෝකයේ පැවැත්මට පිරිමි ගැන බයානක ආරංචියක්..ඉදිරියේදී කතුන්ට කුමක් වෙයි ද?..
World Health Organization
Ministry of Health Sri Lanka
World
By Aruna
පුරුෂ පක්ෂයේ වඳභාවය තුරන් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගෙන නව ප්‍රතිකාර ක්‍රමයක් සම්පාදනය කර තිබෙන බව වාර්තා වනවා.
ඒ, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ජෛවවේදය පිළිබඳ ආචාර්ය ස්ටීවන් වසිකුස්කු ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් බවයි පැවසෙන්නේ.
බ්‍රිතාන්‍ය බී.බී.සී ගුවන්විදුලිය මේ බව වාර්තා කළා. එම පර්යේෂණ කණ්ඩායම කියා සිටියේ, ලොව පුරුෂ පක්ෂයේ වඳභාවය 7% ක මට්ටමේ පවතින බවයි.
යෝජිත ප්‍රතිකාර ක්‍රමය වඳභාවය සහිත පුද්ගලයන් 10% කට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් බවයි වාර්තා වන්නේ.
අදාළ මාධ්‍ය වාර්තාවේ සඳහන් වන්නේ, මෙම නව ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කිරීමට පෙර එය සායනික පර්යේෂණ සඳහා ළඟදීම යොමුකරන බවද පර් යේෂණ කණ්ඩායම ප්‍රකාශ කළ බවයි.

