අම්බලන්තොට උණුසුම් තත්ත්වයක් - ගමනාගමනයට බාධා පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වේ

Report

කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට දිනෙන් දින එල්ල වන පාරිසරික සහ ආර්ථික බලපෑම් හමුවේ සිය අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවිතැනින් ඈත්වීමට සිදුව ඇති බව පවසමින් අම්බලන්තොට නගරයේදී අද (10) පැවැති ගොවි විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

අම්බලන්තොට රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා කිරිඳිඔය ඒකාබද්ධ ගොවි සංවිධානය, වම් ඉවුර, දකුණු ඉවුර ඇතුළු ගොවි සංවිධාන රැසක නියෝජිතයෝ සහ ගොවීන් විශාල පිරිසක් එක්ව සිටියහ.'

QR ක්‍රමවේදය සහ ඉන්ධන ලබාදීමේ සීමාවන් සම්බන්ධයෙන් දිවයිනටම සතුටු හිතෙන ආරංචියක්

QR ක්‍රමවේදය සහ ඉන්ධන ලබාදීමේ සීමාවන් සම්බන්ධයෙන් දිවයිනටම සතුටු හිතෙන ආරංචියක්

අම්බලන්තොට බස් නැවතුම්පොළ අසලට රැස් වූ ගොවීහු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සහ සටන් පාඨ කියමින් සිය ඉල්ලීම් ඉදිරිපත් කළහ. අනතුරුව ඔවුහු අම්බලන්තොට නගරය හරහා වලවේ ගඟ පාලම අසලට පාගමනින් ගමන් කර, පසුව නැවත නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව දක්වා පැමිණ විරෝධතාවයේ නිරත වූහ.

මාළිගාවත්තේ වෙඩි තැබීමකින් කංජිපානිගේ බාප්පාට දිවි අහිමිවෙයි

මාළිගාවත්තේ වෙඩි තැබීමකින් කංජිපානිගේ බාප්පාට දිවි අහිමිවෙයි

වී සඳහා සාධාරණ ස්ථාවර මිලක් ලබාදීම, කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර ඇතුළු යෙදවුම්වල මිල ගණන් පහත හෙළීම සහ ගොවීන්ට විවිධ නම්වලින් අපහාස කිරීම නතර කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව පැවැති බව සඳහන් කළේය.

එමෙන්ම, නිෂ්පාදන වියදමට සරිලන පරිදි වී කිලෝග්‍රෑමයක් රුපියල් 140 ක අවම මිලකට හෝ රජය මඟින් මිලදී ගැනීමට වහා පියවර ගන්නා ලෙස ද ගොවීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

විරෝධතාව හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට තරමක බාධා එල්ල වූ අතර, අම්බලන්තොට පොලිස් රථවාහන අංශයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විරෝධතාකරුවන් මාර්ගයෙන් පසෙකට කර ගමනාගමනය පවත්වාගෙන යාමට කටයුතු කෙරිණි.

මේ අතර, ගොවි සංවිධාන නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටියදී එම ස්ථානයට පැමිණි බාහිර පුද්ගලයෙකු ගොවීන් සමඟ බහින්බස්වීමක් ඇති කරගෙන ඔවුන්ගේ අදහස් දැක්වීමට බාධා කිරීමත් සමඟ ස්ථානීය උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

පසුව එම බහින්බස්වීම දුරදිග යාමෙන් තල්ලු කරගැනීම් ඇතුළු සිදුවීම් ඇති වූ අතර, පහරදීමක් ද සිදු වූ බව ගොවි සංවිධාන නියෝජිතයෝ සඳහන් කළහ. අදාළ ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයා අනතුරුව අම්බලන්තොට රෝහල් මාර්ගය දෙසට දිව ගොස් ඇති අතර, එම ස්ථානයට වහා පැමිණි පොලීසිය මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇත.