ගුරු විදුහල්පතිවරුන් උද්ඝෝෂණ ව්‍යාපාරයත් නතර කර දමයි..

SCHOOL TEACHERS STRIKE JOHSAP STARLY
By Sewvandhi Oct 26, 2021 03:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල ඊයේ දිනයේ උද්ඝෝෂණ සිදු කළ ද අද කිසිදු උද්ඝෝෂණයක් සිදු නොකරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පමණක් අද දිනයේ ක්‍රියාත්මක වන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් ප්‍රකාශ කළේ.

දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ අද අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ වන්නේ දෙවන දිනටයි. ඊයේ දිනයේ සැලකිය යුතු ලෙස ගුරුවරුන් මෙන්ම සිසුන් ද පාසල් වෙත පැමිණි අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාර පිළිපදින ආකාරයක් ද දක්නට ලැබුණා.

එසේම ඊයේ දිනයේදී ප්‍රාථමික අංශ විවෘත කිරීමත් සමඟ විදුහල්පතිවරුන් 94%ක් පාසල් වෙත පැමිණ ඇති අතර ගුරුවරුන් 90%ක් පමණ පැමිණ ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ. සිසුන් 46%ක් පැමිණ ඇති අතර, වැඩිම සිසුන් සහ ගුරුවරුන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ සබරගමුව පළාතෙන්.

සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සබරගමුව පළාතේ 86%ක් වන අතර, ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රතිශතයක් ලෙස 99.8%ක් ලෙස සටහන් වී තිබූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එසේම දිවයිනේ ආරම්භ විය යුතු පාසල් 100%ක් ම ඊයේ දිනයේදී විවෘත වී තිබූ අතර එම සංඛ්‍යාව 9190ක් වනවා.

මේ අතර, ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් සිදු කරන විරෝධතා පා ගමන් ඇතුළු ක්‍රියා සම්බන්ධයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී සංවාදයට බදුන් වී තිබෙනවා. එහිදී අවධානය යොමුව ඇත්තේ ගුරු විදුහල්පතිවරුන් සිදු කරන විරෝධතාවලට සෞඛ්‍ය මාර්ගෝපදේශ අදාළ වන්නේ නැද්ද යන්න පිළිබදවයි. කෙසේ නමුත්, ගුරු විරෝධතා මර්දනය කිරීමේ ක්‍රියාවලියක් අනුගමනය නොකරන ලෙසට ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී ඇති බව සදහන්.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.


 

ReeCha