ගුරුවරු යළි පාසල් පටන්ගන්න දිනය මෙන්න.

Sri Lanka Education School start Josap stalin
By Aruna Oct 18, 2021 06:36 AM GMT
Aruna

Aruna

Report

එළඹෙන 21 සහ 22 ගුරු විදුහල්පතිවරු තවදුරටත් වැඩවර්ජනය කරමින් පාසල් වෙත සේවයට වාර්තා නොකර අතර 25 වැනිදා සිට ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ තීරණ අනුව පාසල් වෙත පැමිණ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන බව අද (18) ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවා.

ඒ අනුව ආණ්ඩුවේ නියමය පරිදි 21 සහ 22 පාසල් වෙත වාර්තා නොකරන අතර හැකි නම් එදින පාසල් විවෘත කර පෙන්වන ලෙසද වෘත්තීය සමිති සන්ධානය අභියෝග කළා. 

මේ අතර ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙන පරිදි අදියර 4 යටතේ 25 වැනිදා සිට පාසල් පැමිණෙන අතර එම ඉගැන්වීම් සමඟම සිය වෘත්තීය සමිති ක්‍රියාමර්ග ද  අඛණ්ඩව සිදුකරන බව ද  ඔවුන් අවධාරණය කළා.

නොවැම්බර් 12 වැනිදාට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය දිනය තෙක්ම එම වෘත්තීය සමිති ක්‍රියාමර්ග දියත් කරන බවයි මෙහිදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයින්  පැවසුවේ.

කෙසේවෙතත් මේ වන විට 21 වැනිදා පාසල් විවෘත් කිරීමට අදාළව විදුහල්පතිවරුන්ට තර්ජන එල්ල වෙමින් තිබෙන බවත් ඔවුන් පැවසුවා. 

මෙම මාධ්‍ය හමුවේදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ,සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ ඇතුළු වෘත්තීය සමිති නායකයින් අදහස් දක්වා සිටියා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha