ගුරු - විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය අද 15 වන දිනටත්.

Picketing Teachers and principles
By Aruna Jul 26, 2021 07:47 AM GMT
Aruna

Aruna

Report

වැටුප් විෂමතා මුල් කරගනිමින් ගුරු සහ විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 15 වන දිනටත් ක්‍රියාත්මකයි.

සිය වැටුප් විෂමතා ගැටලුව විසඳෙන තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි ගුරු වෘත්තීය සමිති පවසන්නේ.

අද දිනයේදී සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රායෝගික

පරීක්ෂණවලට පෙර පවත්වන ලද පුහුණුවීම් කටයුතු වලින් ද ඉවත්වීමට ගුරුවරුන් තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත්, ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් අදාළ කැබිනට් පත්‍රිකාව අද පස්වරුවේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now