කොටුවෙන් අඩුවට බෝතල් ගත්තද? පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්

Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පිටකොටුව ප්‍රදේශයේ නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් අලෙවි කරන වෙළෙඳසැල් ඉලක්ක කර සිදුකළ විශේෂ වැටලීමකදී බෝතල් 801ක් නඩු භාණ්ඩ වශයෙන් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම අධිකාරිය සඳහන් කළේ අදාළ බෝතල් සම්බන්ධයෙන් විශේෂ වැටලීම් හා විමර්ශන සිදුකර ඇති අතර, විමර්ශන අවසන් කිරීමෙන් පසු අදාළ වෙළෙඳ ආයතනවලට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවයි.

එසේම පානීය ද්‍රව රැගෙන යාමට භාවිත කරන නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සඳහා SLS 1616 ප්‍රමිතිය අදාළ බව සඳහන්.

සූදානම් වන්න - අද 9 සිට පැය 13කට වතුර නෑ - වතුර කපන ප්‍රදේශ ලැයිස්තුව මෙන්න

සූදානම් වන්න - අද 9 සිට පැය 13කට වතුර නෑ - වතුර කපන ප්‍රදේශ ලැයිස්තුව මෙන්න

මෙරට නිෂ්පාදිත එවැනි බෝතල් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS නිෂ්පාදන සහතික ලාංඡනය තිබිය යුතු අතර, ආනයනික බෝතල් SLSI ආනයන පරීක්ෂණ ක්‍රමවේදය යටතේ පරීක්ෂා කර අලෙවියට අනුමත කර තිබීම අවශ්‍ය බව අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.

එසේම මෙවැනි බෝතල් මිලදී ගැනීමේදී අදාළ ප්‍රමිති හා නීතිමය අවශ්‍යතා සපුරා ඇති බව තහවුරු කර ගන්නා ලෙස පාරිභෝගිකයන්ට දැනුම් දී ඇත.

එමෙන්ම වෙළෙඳපොළේ සිදුවන අක්‍රමිකතා පිළිබඳ තොරතුරු 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දිය හැකි බව දන්වයි.

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

මේ ලග්න හිමියන් අද අතිශයින්ම ප්‍රවේශම් වන්න - මුදල් ණයට දීම, ණයට ගැනීම හෝ ඇපයට අත්සන් කිරීම කරන්න හිතන්නවත් එපා

මේ ලග්න හිමියන් අද අතිශයින්ම ප්‍රවේශම් වන්න - මුදල් ණයට දීම, ණයට ගැනීම හෝ ඇපයට අත්සන් කිරීම කරන්න හිතන්නවත් එපා