ලබන 21 වැනිදා ගුරුවරු කරන්න යන දේ මෙන්න.
Sri Lanka
Mahinda Amaraweera
Teachers
Principle
By Aruna
ලබන 21 වැනිදා බලහත්කාරයෙන් පාසල් විවෘත කිරීමට සූදානම් වුවහොත් ඊට එරෙහිව සියලු වෘත්තීය සමිති පෙළගස්වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
සිය වැටුප් ගැටළුවට විසදුමක් නොලැබුණහොත් යළි පාසල් ආරම්භ කළ ද වැඩවර්ජනය අඛණ්ඩව පවත්වා ගෙන යන බවයි ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් කියා සිටියේ.
මේ අතර, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව පිළිබඳ සොයා බැලීමට පත්කළ අමාත්‍ය අනුකමිටුවේ සාමාජික අමාත්‍ය, මහින්ද අමරවීර කියා සිටියේ රජය මෙන්ම ගුරු වෘත්තීය සමිති ද මේ මොහොතේ සිසුන් ගැන සිතා කටයුතු කළ යුතු බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
