සියලු ගුරුවරුන්ට කොවිඩ් එන්නත...වයස් සීමාවක් නැහැ... ලැබෙන දිනය මෙන්න.

School Teachers Covid vaccines Education mini
By Aruna Jul 07, 2021 04:23 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස් සීමාවකින් තොරව සියලු ගුරුවරුන් සඳහා එන්නත් ලබාදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් ලබාදී තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව ලබන 12 වන දින සිට ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍ය අංශ වෙත දැනුම්දී තිබෙනවා.

මේ අතර කොළඹ නගර සීමාවේ සිටින ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම අද දිනයේ සිට ආරම්භ කෙරෙනවා.

ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබාගැනීමට කිසිදු බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළා.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha