ගුරු වෘත්තීය සමිති ශ්‍රේෂ්ඨාධිකරණයට
ලංකා ගුරු සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. එයින් ඔවුන් ඉල්ලා ඇත්තේ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ යොදාගනිමින් උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට ගනු ලබන ක්‍රියාමාර්ග මගින් පොලීසිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක් දෙන ලෙසය.
ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සහ එහි උප සභාපති හබීබ් මොහොමඩ් සමීන් විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් සහ නීතිපතිවරයා නම් කර තිබේ.
මේ අතර ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් බලහත්කාරයෙන් නිරෝධායනට යොමුකිරීමට එරෙහිව කොළඹ නගරයේ අද (14) විරෝධාතවක් පැවැත්විණි. අප වාර්තාකරු පැවසුවේ, ගුරු වෘත්තීය සමිති සාමාජිකයින් ඇතුළු අනෙකුත් වෘත්තීය ක්‍රියාකාරීන් එක්ව මෙම විරෝධතාවය පැවැත්වූ බවය.
නෙළුම් පොකුණ රඟහල අසල සිට රථ පෙළපාලියකින් පැමිණි විරෝධතාකරුවන්, පුරහල, මරදාන, පිටකොටුව, ගෝල්ෆේස් වටරවුම ඔස්සේ කොල්ලුපිටිය දෙසට පැමිණ විරෝධය දැක්විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
