2024 වසරේ සිට විද්‍යාපීඨ වැසෙයි.
2024 වසරේ සිට විද්‍යාපීඨ ගුරු අභ්‍යාසලාභීන් බඳවා ගන්නේ විද්‍යාපීඨවලට නොව සියලු විද්‍යාපීඨ එකතු කර පිහිටුවන ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයට බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
ඒ, අනුව එමඟින් අපේක්ෂිත ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් විශ්වවිද්‍යාලයක් වශයෙන් 2027 වන විට අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරුවරුන් බිහි කරන ආයතනයක මට්ටමට ගෙන ඒම සිය අපේක්ෂාව බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඊට අවශ්‍ය සංකල්ප පත්‍රිකාව දමා අවසන් ව ඇති අතර, ඉදිරි සතියේ දී සවිස්තර කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.