නිලධාරිනුත් හොල්මන් - ගුරුවරියක් කෝටි ගාණක් වටින රන් බිස්කට් තොගයක් යට ඇඳුම්වල හංගන් ඇවිත් - අත්අඩංගුවට
රුපියල් දෙකෝටි හතළිස් පන් ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ආකාරයට මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් ඊයේ (12) දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන පෞද්ගලික පාසලක සේවයේ නිරත ගුරුවරියක් බව සඳහන්.
ඇය ඊයේ අලුයම 12.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර එහිදී ඇය සිය යට ඇඳුම් තුළ වූ කුඩා පසුම්බි දෙකක මෙම ග්‍රෑම් 436 ක් බරැති රන් බිස්කට් 04 ක් සහ තවත් රන් බිස්කට්ටුවක කොටසක් ද සඟවා ගෙන සිට තිබෙනවා.
රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ
ඒ අනුව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු වෙනුවෙන් මෙම රන් බිස්කට් තොගය සහ ඒවා නීතිවිරෝධී ආකාරයට මෙරටට රැගෙන ආ ගුවන් මගී කාන්තාව, කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
එහිදී මෙම රන් බිස්කට් තොගය රාජසන්තක කර ඇයට රුපියල් ලක්ෂ 25 ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර ඇති බව සඳහන්.