හද කම්පා කරවන මරණයක් - තේ දළු ඇඹරුම් යන්ත්‍රයට හසුව කම්කරුවෙක් ජීවිතක්ෂයට
මාඋස්සාකැලේ තේ කර්මාන්ත ශාලාවේ සේවය කළ පුද්ගලයකු එහි තේ දළු අඹරන යන්ත්‍රයට (රෝලරයට) හසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු සඳහන් කළේ මස්කෙළිය වැවිලි සමාගමට අයත් මාඋස්සාකැලේ වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටි අයෙක් එම කර්මාන්ත ශාලාවේ තේ දළු අඹරන යන්ත්‍රයටම (රෝලරයට) හසුව එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඒ එම වතුයායේම පදිංචි 49 හැවිරිදි ක්‍රිෂ්ණන් වීජේකුමාර් යන අයෙක්.
අඳාළ අනතුර ඊයේ (05) දින අළුයම 2.10ට පමණ සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු තුමන්ගේ ස්ථානිය පරික්ෂණයෙන් අනතුරුව මළ සිරුර අධිකරණ වෛද්‍ය පරික්ෂණය සදහා දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලට ගෙන යාමට පියවර ගෙන ඇති බවත් සඳහන්.
එමෙන්ම මේ පිළිබදව මස්කෙළිය පොලිසිය විසින් වැඩි දුර පරික්ෂණ ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කළා.