ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩවලට බදු අය කිරීමට සැරසේ

Sri lanka tax online orders
By Sithumi Jul 20, 2021 11:25 AM GMT
Sithumi

Sithumi

Report

අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කර ආනයනය කරන භාණ්ඩ වලට බදු අය කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳව සලකා බලන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ලොව වෙනත් රටවල පවතින තත්ත්වයන්ද එහිදි සැළකිල්ලට යොමු කරන බවයි.

ඔන්ලයින් වෙළදාම තුළින් ගෙන්වන භාණ්ඩවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

විද්‍යුත් වාණිජ වෙළදාම වර්තමානයේදී සීග්‍ර ලෙස වර්ධනය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී කීවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha