විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට මෙරට මාධ්‍ය තුළ විකාශයේදී අය කරන බද්ද ඉහළට?

drama foreign movies taxes keheliya rabukwella
By Sewvandhi Jul 22, 2021 12:22 PM GMT
Sewvandhi

Sewvandhi

Report

විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට මෙරට මාධ්‍ය තුළ විකාශය කිරීමේදී අය කරන බදු මුදල තවදුරටත් වැඩි කිරීමට අවධානය යොමු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා .

එමගින් දේශීය සංස්කෘතිය සහ දේශිය ටෙලිනාට්‍ය කලාව සහ කර්මාන්තය රැක ගැනීමට සහ එහි නිරත වන මෙරට කලාකරුවන් දිරිමත් කිරීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළදී නතර කොට තිබූ විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට මෙරට මාධ්‍ය තුළ විකාශයෙන් බදු අය කිරීම 2021 පෙබරවාරි මස සිට නැවතත් ආරම්භ කෙරුණා.

එමගින් මේ දක්වා ලැබී ඇති ආදායම රුපියල් මිලියන 251ක් බවයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. ඒ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී පැවති ජනමාධ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha