තලපති විජේ මුස්ලිම් ආගමට හැරෙයි? ඉන්දියාවම කැළඹෙයි - සමාජ මාධ්‍ය ඇවිලෙයි

Report

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජනප්‍රිය නළු තලපති විජේ පිළිබදව මේ දිනවලදී විවිධාකාර පුවත් මැවෙමින් ඇත, තලපති විජේ විසින් සිය සිනමා ජීවිතය අත්හැර තමිලග වෙට්රි කලගම් නමින් දේශපාලන පක්ෂයක් ආරම්භ කර තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධූරයට සටන් කිරීමත් සමග ඔහු පුවත් මැවීමේ දක්ෂයකු බවට පත්විය.

ඔහු විසින් තමිල්නාඩුවේ කරූර් දිස්ත්‍රික්කයේ පැවැත්වූ දේශපාලන රැස්වීමකදී තෙරපීම හේතුවෙන් 40කට අධික පුද්ගලයන් ප්‍රමාණයක් ජීවිතක්ෂය පත්වීම ඔහුගේ සිනමා ජීවිතයේ අවසාන චිත්‍රපටය වූ ජනනායගන් චිත්‍රපටය තිරයට නොපැමිණීම කල් යෑම ආදී ප්‍රශ්ණ රැසක් ඔහු මුහුණ දුන්නේය.

ලංකාවත් යුද්ධයට එකතු වෙයිද? ඇමරිකානු මිලිටරිය ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් ගැනීමේ උත්සහයක - භයානක හෙළිදරව්වක්

ලංකාවත් යුද්ධයට එකතු වෙයිද? ඇමරිකානු මිලිටරිය ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් ගැනීමේ උත්සහයක - භයානක හෙළිදරව්වක්

මෑතකදී ඔහුගේ වසර 26ක පමණ කාලයක විවාහක බිරිද වූ සංගීතා විජේ විසින් තලපති විජේ හට තවත් නිළියක් හා අනියම් සම්බන්ධතාවයක් ඇති බව චෝදනා කරමින් දික්කසාද නඩුවක් පැවරීමත් ඉන් දින කිහිපයකට පසු තලප්ති විජේ විසින් තවත් ජනප්‍රිය නිලියක් වන ත්‍රිෂා ක්‍රිෂ්ණන් හා සමග එකම වාහනයේ එකම පැහැයෙන් යුත් ඇදුමින් සැරසී ප්‍රබලයකුගේ විවාහ මංගල්‍යකට සහභාගී වීමත් තලපති විජේට විරුද්ධව ප්‍රබල විරෝධයක් මතු වීමට හේතු විය.

තම බිරිදව රැවටීම පමණක් නොව ප්‍රසිද්ධියේ නිලියක් සමග යුවලක් මෙන් පෙනී සිටීම තුලින් ඔහුගේ උද්දච්ච බව පෙන්වන බව බහුතරයක් දෙනා චෝදනා එල්ල කළේය. මෙම පුවත ක්‍රමයෙන් මැකී යෑමත් සමග තලපති විජේ නැවතත් අලුත් පුවතක් මතු කරමින් කරලියට පැමිණ ඇත.

පාසල් සිසුන්ට බදාදා නිවාඩුවේ Online උගන්නයිද? ගෙදර හිටියට නිකන් ඉන්න බැහැ - විදුහල්පතිවරුන්ට නිවේදනයක්

පාසල් සිසුන්ට බදාදා නිවාඩුවේ Online උගන්නයිද? ගෙදර හිටියට නිකන් ඉන්න බැහැ - විදුහල්පතිවරුන්ට නිවේදනයක්

ඒ මුස්ලිම් ජනතාව මෙන් තොප්පියක් හිස පැළද මුස්ලිම් පල්ලියක වන්දනාමාන කටයුතු සිදු කිරීම හා මුස්ලිම් ජනතාව සමග එක්ව පල්ලියේ ඉෆ්තාර් නෝම්බි උපවාස උත්සවයකට සහභාගී වී ආහාර ගැනීම ආදී වීඩියෝ පට සමාජ මාධ්‍යට නිකුත්වීමයි .මෙම වීඩියෝ පට මේ වනවිට සමාජ ජාලා තුල ලැව්ගින්නක් මෙන් පැතිර යන අතර ඔහු ඉස්ලාම් ආගම වැලදගත්තාද යන ප්‍රශ්ණය ඔහුගේ රසිකයන් ඇතුළු බොහෝ දෙනා නගයි.

නමුත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන ආකාරයට මෙය හුදෙක් දේශපාලන රංගනයක් පමණක් බවත් තමන් සියලු දෙනා හා සමගිව කටයුතු කරන බව හගවමින් ඉදිරියේ පැවැත්වීමට ඇති තමිල්නාඩු මහමැතිවරණය ඉලක්ක කරමින් සිදුකරන දේශපාලනමය හැසිරීමක් බවත්ය.

එහි දර්ශන පහතින්,

@elantharan22

♬ original sound - THALAPATHY UJIRAN❤️(ERD)

@thalapathy_editzz Thalapathy joins the Iftar event and breaks his fast ❤️ #thalapathyvijay #thalapathyforever #tamilagavettrikazhagam #tvkvijay #iftar ♬ original sound - 𝐓𝐡𝐚𝐥𝐚𝐩𝐚𝐭𝐡𝐲𝐕𝐢𝐣𝐚𝐲