පාසල් සිසුන්ට ටැබ් - නාමල්

sri lanka Namal rajapaksha
By Sithumi Jun 19, 2021 11:27 AM GMT
Sithumi

Sithumi

Report

පාසල් සිසු සිසුවියන්ට සහනදායක ක්‍රමයකට ‘ටැබ්’ පරිගණක යන්ත්‍ර ලබාදීමේ වැඩසටහනක් ළඟදීම ආරම්භ කරන බවත් තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අධ්‍යපන අමාත්‍යාංශයේ ‘ඊ තක්සලාව’ වැඩසටහන් සමඟ එක්ව මෙම ටැබ් පරිගණක පාසැල් දරු දැරියන්ට ලබා දෙන බවද ඔහු පැවසීය. එමෙන්ම දත්ත නොමිලේ පහසුකම් ලබා දෙමින් අධ්‍යාපන කටයුතු වඩාත් පහසුවෙන් කරගෙන යාමේ හැකියාව මෙමගින් හිමිවන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙහිදී ග්‍රාමීය ප්‍රදේශවල දිළිඳු පාසැල් දරුවන්ට මෙම ටැබ් යන්ත්‍ර ප්‍රදානයක් ලෙස ලබාදීමට සැලසුම් කර ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා මෙම ටැබ් යන්ත්‍ර එකලස් කර නිෂ්පාදනය කරන්නේ මෙරට නිසා තවත් පිරිසකට රැකියා අවස්ථා හිමි වන බවද පැවසීය. ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදීය.