මෙරට එන්නත්කරණයේ තවත් සුභ ආරංචියක්..(PHOTOS)

China Sri Lanka Channa jayasumana Synofarm vaccines Sri Lanka airport
By Aruna Jul 04, 2021 02:10 AM GMT
Report

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (04) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ ගුවන් යානයෙන් එම එන්නත් මාත්‍රා තොගය දිවයිනට රැගෙනවිත් ඇති බව ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

මෙම එන්නත් තොගය මෙරටින් මුදල් ගෙවා ලබාගත් සිව්වන එන්නත් මාත්‍රා තොගය වෙයි.

මේ දක්වා රැගෙන ආ සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 5.1ක් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery