ස්වර්ණවාහිනී හිමිකරු චැනල් අයි මිලට ගනී.

Sri Lanka
By Wayomi Aug 12, 2023 07:38 AM GMT
Wayomi

Wayomi

Report

 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ චැනල් අයි නාලිකාව ස්වර්ණවාහිනි හිමිකරුවන්ට බදුදී තිබෙනවා.

මේ වන විට අදාල ගිවිසුම් අත්සන් කර් ඇති අතර මසකට රුපියල් මිලියන 25ක මුදලක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබා දීමට ස්වර්ණවාහිනී වර්තමානයේ හිමි බෙන් හොල්ඩින්ග්ස් ශ්‍රී ලංකා සමාගම අයත් ඉන්දීය lyca mobile සමාගම එකඟ වී තිබෙනවා.

දිගින්දිගටම පාඩු ලබමින් පවත්වා යන ජාතික රූපවාහිනී සංස්ථාවට මෙය සිය ආර්ථික ගැටලුවට විසඳුමක් වනු ඇත.

මේ වන විට මාධ්‍ය නාලිකා 8 ක පමණ හිමිකාරත්වය දරන බෙන් හොල්ඩින්ග්ස් ආයතනයට සිය දමිළ වැඩසටහන් සංවර්ධනය හා මුදල් ඉපැයීමට මෙය අගනා අවස්ථාවක් වී ඇති අතර දිවයින පුරා ආවරණයක් සහිත චැනල් අයි නාලිකාව කාලයක් ක්‍රීඩා තරග විකාශය නිසා අධික ලාභ ලබන නාලිකාවක් බවට පත්ව තිබූ නමුත් පසුකාලීන වෙනස්කම් නිසා පාඩු ලබන්නට වූයේ සහෝදර ජාතික රූපවාහිනිය සමඟයි.      

ReeCha