පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Report

 පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් පද්ධතියේ සිදුවු හදිසි බිඳවැටීමක් හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ඇතුළු සියලුම සේවාවන් නැවත ආරම්භ කළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ .

ඒ අනුව අද (24) උදෑසන 11 සිට නැවත සියලු මහජන සේවාවන් ක්‍රියාත්මක කර තිබේ.

මෙම බිඳවැටීම ඊයේ (23) දිනයේ දී සිදුව තිබුණු අතර අද දිනයේ මහජන සේවාවන් ලබාගැනීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.

අද ගියොත් වැඩක් නෑ- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු මහජන සේවා අද නවතී

අද ගියොත් වැඩක් නෑ- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු මහජන සේවා අද නවතී

එවන් පසුබිමක අද උදෑසන සිටම විශාල පිරිසක් එම පරිශ්‍රයේ රැඳී සිටි අතර එහිදී කලබලකාරී තත්ත්වයක්ද ඇතිව තිබුණි