ලක්ෂ 20කට අධික ගංජා සමග පුද්ගලයෙක් කොටු

Report

රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුතු ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගංජා හේනක් වටලා සැකකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සදහන් කළේ ඉතාමත් සරුවට වගා කර තිබු ගංජා ගස් 11,200ක් පමණ එහි තිබි ඇති අතර වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධික බවයි .

මෙලෙස අත්අඩංගුවට පත් සැකකරු හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක පුද්ගලයෙකි.

දරුණු අනතුරක් - පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට

දරුණු අනතුරක් - පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට

ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

[